CRICKETSPORTS

චමින්ද වාස්ලා මුල් වී තැබූ ලෝ ප්‍රකට ශ්‍රී ලංකා වාර්තාවක් නේපාලය සම කරයි

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන දෙවැනි කොටස යටතේ පැවැති තරගයකින් ඇමෙරිකාව ලකුණු 35කට සීමා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් දවා ගැනීමේ වාර්තාවේ ශ්‍රී ලංකාව සමගින් සමතැන් ගැනීමට නේපාලය ඊයේ (12) සමත් වුණා.

චමින්ද වාස්, මුත්ත‍යියා මුරලිදරන් ආදි සුපිරි පන්දු බල ඇණියක් සතුවූ ශ්‍රී ලංකාව, 2000 දශකයේදි එම වාර්තාවේ පළමු, දෙවන සහ තෙවන සියලූම ස්ථාන දිනා ගැනීමට සමත් වුනා.

මින්පෙර ශ්‍රී ලංකාව 2004 වසරේ අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට දවාගෙන තිබුණා.

එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වී තිබුණේ පිළිවෙළින් 2003 වසරේදී කැනඩාව ලකුණු 36කට දවා ගැනීම සහ 2001 වසරේදී සිම්බාබ්වේ පිල ලකුණු 38කට දවා ගෙනයි.

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ඒ සෑම තරගයකම ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූවා.

ඊයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමෙරිකා එක්සත් ජනපදය ලකුණු 35කට සීමා කිරීම නේපාලය සමත් වුනා.

නේපාලය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ සංදීප් ලැමිච්හානේ ලකුණු 16කදී ඇමරිකානු කඩුලු 6ක් බිඳ හෙළුවා.

මෑත යුගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ලෝක වාර්තා තැබීමට අසමත් වූ අතර අතීත ශ්‍රී ලංකා කණ්ඩායම් තැබූ ලෝක වාර්තා මේ වනවිට එකින් එක බිඳ වැටෙමින් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button