BREAKING NEWSEXCLUSIVE

2022 අය වැය සකස්කිරීමට වාර්තාගත ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාවක් සමග සාකච්චා…

2022 අයවැය ලේඛනය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම පිරිසකගේ හා ආයතනවල දායකත්වය ලබාගෙන ඇති බව වාර්තා වනවා.

මුදේඅමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මුදල් අමාත්‍යාංශයේ සෘජු මැදිහත් වීමෙන් ආයතන, සංවිධාන සහ පුද්ගලයන් විශාල සංඛයාවක් අයවැය සැකසීමේදි යෝජනා සහ අදහස් උදහස් ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජාතික හා ජාතයන්තර වශයෙන් ආර්ථිකයට ඉමහත් පීඩනයක් ඇති වූ කාලයක අභියෝගය සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා වන අයවැයක් සම්පාදනය අමාතයවරයාගේ අදහස වී තිබුනා.

ඒ අනූව අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු උසස් නිලධාරීන් , විවිධ දේශපාලන පක්ෂ නායකයින්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, විවිධ වෘත්තීය සංගම්, වෙළද ව්‍යාපාර සංවිධාන, ආනයනකරුවන්, තරුණ සංවිධාන, තේ, පොල්, ‍රෙදි, එළවළු හා පලතුරු , ආහාර, මත්සය, තොරතුරු තාක්ෂණ, පශු සම්පත්, මැණික් හා ස්වර්ණාභරණ, ධීවර යන අංශ ඇතුළු 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා සහභාගි වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button