BREAKING NEWSPOLITICS

ජනපති සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා සාර්ථකව අවසන්

පැය දෙක හමාරක පමණ කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුන්ට ආණ්ඩුවේ  ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම්  පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද ඔහු සදහන් කළා.

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගද සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියාසිටියේ.ඡන්ද ක්‍රමය සංශෝධන කිරීම, ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටළුව ඇතුළු තවත් කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා සදහන් කළේ.

මේ අතර පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ පෙර සිටි මානසිකත්වයේ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button