BREAKING NEWSPOLITICS

2021 මුල් මාස 03ට විදෙස් සංචාරකයින් දස දහසකට ආසන්න පිරිසක් දිවයිනට

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සදහන් කරනවා.

ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ දිනයේ සිට මේ දක්වා සංචාරකයින් 9629 කසකස්ථානය, ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, කැනඩාව යන රටවලින් මෙරටට පැමිණ ඇති අතර ගෝලීය වශයෙන් කොවිඩ් තත්ත්වය පාලනය වීමත් සමඟම බොහෝ රටවල් නැවත විවෘත කෙරෙනු ඇති අතර ඒ හා සමගාමීව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙනවා.

ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සහ පවතින ගුවන් සේවා වාර ඉහළ නැංවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල සහ ගුවන් සමාගම් අතර සාකච්ඡා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයින් සඳහා නිරෝධායන නීති රීති සහන ලබාදීමට සාකච්ඡා ආරම්භ කොට ඇති අතර මේ යටතේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ටද නිරෝධායන නීතිරීති ලිහිල් කිරීමට පියවර ගනු ලබනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button