BREAKING NEWSEXCLUSIVE

එජාප මන්ත්‍රී නවීන් දිසානායක නීතිය අතට ගනියි – පොලීසියටත් බාධා කරමින් සංවේදි කලාපයක ගෝලයෙකුගේ අනවසර ඉදිකිරීමක් රකින්න පෙරට!

නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ග්‍රෙගරි වැව ආසන්නයේ සංවේදි පරිසර කලාපයක ඉදිකර තිබූ, නීතිමය බදු කාලසීමාවද අවසන් වූ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පරිසර බලධාරීන් සහ පොලිස් නිළධාරීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී තිබේ.

එම අනවසර ඉදිකිරීම සිදු කළ ව්‍යාපාරිකයා දැඩි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු සහ එජාප නුවරඑළි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකගේ සමීපතම ගෝලයෙකු වන බවත් වාර්තා වේ.

මෙම ව්‍යාපාරිකයා මැතිවරණ කටයුතු උදෙසා එජාප මන්ත්‍රී නවීන් දිසානායකට මුදල්, වාහන සහ අංගාරක්ෂකයන් පවා සැපයූ පුද්ගලයෙකු බවත් ආරංචි මාර්ග කියා සිටියි.

එම ව්‍යාපාරිකයා විසින් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ සංවේදි පරිසර කලාපයක ඉදි කළ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට අද දින පොලීසිය සහ පරිසර බලධාරීන් පැමිණියා.

එහිදී එම ස්ථානයට කඩා වැදුනු නවීන් දිසානායක මන්ත්‍රීවරයා පොලීසියට සහ පරිසර නිළධාරීන්ට තර්ජනය කරමින් සිය දේශපාලන සහචාරයාගේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට එරෙහිව සිය බලය අවභාවිතා කරනු දැක ගත හැකිවූවා.

එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් අනවසර ඉදිකිරීම ඉවත් කිරීම වැළකීමට තවත් පිරිසක්ද මන්ත්‍රී නවීන් දිසානායකගේ සහ අවන්හල් හිමිකරුගේ කැඳවීමෙන් සුදානමින් සිටිනුද දැක ගත හැකිවූවා.

කෙසේ වෙතත් මෙම සංවේදි පරිසර කලාපයක, පරිසරය දූෂණය කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට නවීන් දිසානායක මන්ත්‍රීවරයා සහ අවන්හල් හිමියා මැර බලය භාවිතා කරමින් කටයුතු කරනවා නම් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම මැදිහත් වී මෙම අනවසර ඉදිකිරීම ඉවත් කළ යුතු බවට සමාජජාලා මාධ්‍යයන්හි අදහස් පළව තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button