BREAKING NEWSEXCLUSIVE
ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ

අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය පැලඳවීම සිදු විය . රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පලඳවනු ලැබී ය.
දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමා කර, නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.
ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැලඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ, මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.