BREAKING NEWSPOLITICS

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිට!

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේයි බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ස්ථානය කෙරුණේ.

තිරසාර සහ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ ස්ථිර රැකියා ලබාදීම වැඩසටහනේ අරමුණයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසට පත් කෙරුනු නන්ද මල්ලවආරච්චි වැඩබලන යුද හමුදාපතිවරයෙකු ලෙස 2007 වසරේ යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අතර ඉන්දුනීසියානු ජන රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙසට ද වසර 6ක කාලයක් සේවය කර තිබෙනවා.

එමෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ආරම්භක ලේකම්වරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලෙක්ම්වරයා ලෙසට ද නන්ද මල්ලවආරච්චි කටයුතු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button