BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

ප්‍රවීණයන්ගේ උපදෙස් මත ක්‍රිකට් යලි ගොඩනැගීම අරඹා ඇති බව නාමල් කියයි

ප්‍රවීණයන්ගේ උපදෙස් මත සැලැස්මකට අනුව ක්‍රිකට් ගොඩනැගීම දැන් ආරම්භ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි පරාජයක් අත්කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ බව පවසා සිටියේ.

වැඩි දුරටත් අදහස් දක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,
“දිගු කාලීන සැලැස්මක් හදලා තියෙනවා. ඒ අනුව අපි නවකයෝ ඉදිරිපත් කළා. ඒ නිසා නවකයින්ට සාධාරණ කාලයක් දෙන්න ඕනේ. අවුරුදු 5ක් 6ක් ක්‍රිකට්වල සිස්ටම් එකක් තිබ්බෙ නෑ. අද එහෙම නෙමෙයි. අරවින්ද, මුරලිදරන්, රොෂාන්, සංගක්කාර මේ වගේ ප්‍රවීණයින් ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නේ. පැහැදිලිව ඒ අයගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා.” යනුවෙන් ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් එක්දින තරගය හෙට (28) පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button