GOSSIP NEWSVIRAL NEWS
“අපි පක්ෂයක් හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අපේ පක්ෂයෙන්ම ඉල්ලනවා” උකුසු කතාවට නාමල්ගෙන් ප්රතිචාර

පසුගියදා හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන විසින් සිදු කළ උකුසු ප්රකාශය මේ වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා ප්රකාශ කළේ අලුත් පක්ෂයක් හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂයේම කොටස්කාරයන් වී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් සතුටු වන බවත් මන්ත්රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කැස්බෑවේ දී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමිනි.