තරුණ තරුණියන්ට නාමල්ගෙන් පැසසුම්

මෙරට විශිෂ්ටතම සම්පත “මානව ප්රාග්ධනය” වන අතර එහිදී තරුණ තරුණියන් ගේ දක්ෂතා වලට වඩා වැඩි අගයක් හිමිවන බව නාමල් රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහන් කර තිබෙනවා.
ඒ 42 වන ජාතික යෞවන සම්මාන උළෙලට සහභාගී වෙමින් වන අතර ජාතික තරුණ සේවා සභාව විසින් මෙය සංවිධානය කර තිබුණා.
එමෙන්ම තරුණ තරුණියන් විවිධ ක්ෂේත්රයන් හී ඉදිරියට පැමිණෙමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙහිදි සම්මානයට පාත්රවු ලැබු සියලුදෙනාට උණුසුම් සුබ පැතුම් පිරිනමන බවද ඔහු සිය සටහනේ දක්වා තිබුණා.
ඉතිහාසයේ සිටම මෙරට තරුණ තරුණියන් සමාජය ගොඩනැඟිමේදි විශාල කාර්යභාරයක සිදු කර තිබෙන බවත් ඔවුන් සෑම විටම වෙනස්කම් කිරිමට ඉදිරියෙන්ම සිටම දායක වන බවත් ඔහු පවසනවා.
නිර්භයව සිය අදහස් ප්රකාශ කිරීමට ද ඉදිරිපත් වන බවද ඔහු තවදුරටත් කියා සිටිනවා.
වසර 22 කට පමණ පසු “තුරුණු ශක්ති” වැඩසටහන නැවත පණ ගන්වමින් අපගේ තරුණ තරුණියන්ගේ හැකියාවන් සවිබල ගැන්වීමට ප්රශංසනීය කාර්යයක් සිදුකිරිම ගැන ජාතික තරුණ සේවා සභාව ට මා ස්තුතිවන්ත වන බවද එතුමා සඳහන් කළා.