BREAKING NEWSPOLITICS

NVQ – 4 සම්පූර්ණ නම් සා:පෙළ සමත් ලෙස පිළිගන්නැයි නාමල් ඉල්ලයි

වෘත්තිය පුහුණු NVQ – 4 මට්ටම සම්පූර්ණ කර ඇත්නම් එම තරුණයන් හෝ තරුණියන් සාමාන්‍ය පෙළ සමත් ලෙස පිළිගන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

දිය යට පෑස්සුම් ශිල්පය වැනි ලොව ගෙවීම් අධික රැකියාවන්ට යොමුවිය හැකි සාමාන්‍ය පෙළ අසමත් NVQ – 4 වෘත්තිය පුහුණුව සම්පූර්ණ කළ මෙරට තරුණයන් සමාන්‍ය පෙළ අසමත් ලෙස සැලකීම නිසා රජයේ රැකියා අහිමිව සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මතය අනුව යමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් රැසක්ද මේ වනවිට එම ඉල්ලීම රජයට කර තිබේ.

ඒ අනුව මේ පිලිබදව නොබෝ දිනකින් කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button