BREAKING NEWSEXCLUSIVE
රාජපක්ෂ පවුලට සජිත් කළ අභියෝගය නාමල් භාරගනියි.!

රාජපක්ෂ පවුලට විවාදයක් සඳහා සජිත් ප්‍රේමදාස කළ අභියෝගය, රාජපක්ෂ පවුලේ ලාබාලතම සාමාජිකයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා භාර ගෙන තිබේ.
ඒ සජිත් ප්‍රේමදාස, රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයන් සමග විවාදයකට අවශ්‍ය දේශපාලනික හෝ අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති බව කියමින්.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමග විවාදයට සුදානම් අතර ඔහුගේ පාර්ශවය සජිත් ප්‍රේමදාස පාර්ශවයට අභියෝග කරන්නේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයද සමග ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විවාදයට පැමිණෙන ලෙසටයි. තවමත් ප්‍රතිපත්ති ප්රකාශනයක් නිකුත් කිරීමට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට නොහැකි වී තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මැතිවරණ දෙකකදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස පරදවා මනාප ලබා ඉදිරියෙන්ම සිටිනා පසුබිමක මෙම විවාද අභියෝගය භාරගැනීම විශේෂත්වයකි.