BREAKING NEWSPOLITICS
වියත් මහැදුරු මහාචාර්ය නලීන් ද සිල්වාට තනතුරක්

මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනෙකුට රජය විසින් නව තානාපති පත්වීම් ලබාදී තිබේ.
මේ අනුව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊවා වනසුන්දරද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස මල්රාජ් ද සිල්වා ද පත්කර ඇත.
මෙම තානාපතිවරුන්ගේ නම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ. පසුගිය රජය විසින් තානාපතිවරුන් ලෙස පත් කළ නිලධාරීන්ට එළැඹෙන 15 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.
මහාචාර්ය නලීන් ද සිල්වා මහතා දේශපාලන විචාරකයෙකු ලෙසත්, චින්තකයෙකු ලෙසත් කලක පටන් කටයුතු කළ අතර, භෞතික විද්‍යාව පිළිබඳ මෙරට උසස් දැනුමක් ඇති වියතෙකි.