BREAKING NEWSEXCLUSIVE

සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක, බීමත් නලීන් බණ්ඩාරගේ ඝණ්ඨාර චෝදනාව මඩක් – ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ප්‍රසිද්ධ වී සිටින්නේ දේශපාලන වේදිකාවේ බීමතින් හැසිරෙන්නෙකු ලෙසය. නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා බොහෝ විට දේශපාලන වේදිකාව අමතන්නේ බීමතෙනි. එපමණක් නොව ඔහු ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහන් සඳහාද පැමිණෙන්නේ බීමතිනි.

ඒ බීමත් නොවී වේදිකාවක සිට ජනතාව ඇමතීමේදි ඔහුට වචන පැටලීම සහ වෙවුලීම වැනි පෞරුෂ ගැටලු මතුවන නිසා බව දේශපාලන ආරංචි මාර්ග පවසති.

කෙසේ වෙතත් ඔහු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් තිදෙනාගෙන් අයෙක්ද වේ. අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සජිත් ප්‍රේමදාස මහතාගේ සෙසු මාධ්‍ය ප්‍රකාශකවරුන් වේ.

පසුගියදා පැවැති දේශපාලන රැළියකදී බීමතින් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර සුපුරුදු පරිදි සිය දේශපාලන ප්‍රතිවාදීන්ට බැන වදිමින් ආන්දෝළනාත්මක චෝදනාවක් එල්ල කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රීපාදස්ථානයේ ඝණ්ඨාරය සොරකම් කළ බව කියමින්.

කෙසේ වෙතත් දේශපාලනය සඳහා ආගමික සිද්ධස්ථානද ඈදා ගනිමින් සිදු කරනා මෙම චෝදනාවන්ට ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සිය අප්‍රසාදය පළ කළා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ ශ්‍රීපාදස්ථානයේ ඝණ්ඨාරය නැති වී නොමැති බවයි. ඒ බව නොදන්නා නලීන් බණ්ඩාර බෞද්ධයෙකු වශයෙන් ශ්‍රීපාදස්ථානය තවමත් වැදපුදාගෙන නැතිදැ‍යි උන්වහන්සේ ප්‍රශ්න කළා

නාහිමියන් සඳහන් කළේ මේ මොහොත වන විටද ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාර එහි තිබෙන බවයි. දේශපාලන වාසි අරභයා ආගමික අපහාස සිදු වනා එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ.

මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම හා එය විකාශය කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයිද උන්වහන්සේ කියා සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button