GOSSIP NEWSVIRAL NEWS

“එක්ව තිබුනේ පොඩි ගානක්, ඒ සල්ලි ව්‍යවස්ථාව හදන්න වියදම් වුනා, සහය ජවිපෙට” නාගානන්ද නිහඬතාව බිදියි.!

ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වනවා යැයි කියා දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ආධාර එකතු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අවසානයේ ජනපතිවරණයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළා. ඒ තමන්ට පක්ෂයක් නොමැති බව කියමින්.

කෙසේ වෙතත් ඔහු පසුගිය මාස කිහිපය පුරාම ජනපතිවරණයට ඉදිරිපත් වනවා යැයි පොරොන්දු ලබා දෙමින් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව හා යුරෝපයේ සංචාරය කරමින් එම රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මුන ගැසෙමින් ඔවුන්ගෙන් මුදල් ආධාර ලබා ගත්තා.

අද දින මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියට පැමිණ සිටි නාගානන්ද කොඩිතුවක්කු, ජනපතිවරණයට තමන් ඉදිරිපත් නොවන නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට සිය සහය ලබා දෙන බව ප්‍රකාශ කළා.

මේ අතර මෙහිදී මාධ්‍යවේදීන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගෙන් ප්‍රශ්න කළේ ජනපතිවරණයට ලබා ගත් මුදල් ආධාර සදහා සිදුවන්නේ කුමක්ද යන්නයි. එයට පිළිතුරු දෙමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ එලෙසට එක්වී තිබුනේ සුලු මුදලක් බවත්, එම මුදල් සියල්ල ඔහු විසින් සෑදූ ජනසම්මත ව්‍යවස්ථාව සෑදීමට වැය වූ බවයි. එම නිසා සිය ගිණුමේ මුදල් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙරට මුදලින් මිලියන කිහිපයක මුදල් නාගානන්ද කොඩිතුවක්කු වෙත ලබා දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තමන් මුදල් තැන්පත් කළ රිසිට්පත් අන්තර්ජාලයට එක්කර තිබෙනු දැකගත හැකිවූවා.

මෙලෙසින් ජනපතිවරණයෙන් ඉවත්ව ජවිපේට සහය දක්වනවා යැයි කියන නාගානන්ද කොඩිතුවක්කු පසුගිය සමය පුරාම මහතා ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විවේචනය කරමින් සිටීමත් විශේෂත්වයකි.

එවන් වීඩියෝ කිහිපයක් පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button