GOSSIP NEWSVIRAL NEWS

“නාගානන්දගේ සහය නැවතත් වෙනස් වේ” මෙවර සහය බත්තරමුල්ලේ සීලරතන හිමිට

එළඹෙන ජනපතිවරණයට විකල්ප බලවේගය සවිමත් කිරීමට ඉදිරිපත් වනවා යැයි කියමින් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ආධාර එකතු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අවසන් මොහොතේ ජනපතිවරණයට ඉදිරිපත් වූයේ නොමැත.

එනම් ඔහුට ජනපතිවරණයට ඉදිරිපත් වීමට පක්ෂයක් නොමැති වීම නිසාය. කෙසේ වෙතත් ජනපතිවරණයට නාම යෝජනා ලබා දෙන දිනයේ මාධ්‍ය අමතමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ප්‍රකාශ කළේ ජනපතිවරණයේ සිය සහය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට බවය.

ඉන්පසුව නාගානන්ද කොඩිතුවක්කු ජනපතිවරණයේ සිය සහය ලබා දෙන්නේ ජනාධිපති අපේක්ෂිකා ආචාර්ය අජන්තා පෙරේරාට බව පැවසූවා.

කෙසේ වෙතත් ඊයේ දින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ජනපතිවරණයේ සිය සහය ලබා දීම වෙනුවෙන් ජන සෙත පෙරමුණේ ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි සමග ගිවිසුමකට එලඹුනා.

මේ අනුව මෙවර ජනපතිවරණයේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ සහය හිමි වන්නේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිටය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button