BREAKING NEWSEXCLUSIVE

ජනපතිවරණයට එනවා යැයි කියා මිලියන ගණනක මුදල් ආධාර ලබා ගත් නාගානන්ද ජනපතිවරණයට ඇප නොතියයි

මෙවර ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාලසීමාව අද දහවල් 12න් අවසන් වූවා.

ඒ අනුව ඇප මුදල් තැන්පත් කිරීමේ වේලාව අවසන් වද්දි අපේක්ෂකයන් 41 දෙනෙකු ජනපතිවරණයට තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර තිබේ.

කෙසේ වෙතත් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වී විකල්ප බලය ගොඩ නගනවා යැයි පොරොන්දු වෙමින් දෙස්, විදෙස් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ආධාර එකතු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර නොමැති බව වාර්තා වෙනවා.

ඒ මහතා පසුගිය සමය පුරා ඕස්ට්‍රේලියාව, යුරෝපය, කැනඩාව ආදි රටවල සංචාරය කරමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවූ අතර ඔවුන්ගෙන් ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියට යැයි කියා මුදල් ආධාර එකතු කිරීම කැපී පෙනුනා.

ඒ මහතා එලෙසින් මුදල් ආධාර එකතු කළේ පක්ෂයක් හෝ පිහිටුවා නොගෙන, සිය පෞද්ගලික ගිණුමකට වීම විශේෂත්වයකි. සැබැවින්ම වත්මන් දේශපාලනය කෙරෙහි කලකිරී සිටි ඇතැම් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනින් නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමට මුදල් තැන්පත් කර තිබූ බව සඳහන්.

මේ අනුව මෙම ජනපතිවරණයට නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් නොවෙනා අතර ඔහු ජනපතිවරණ ව්‍යාපෘතියට යැයි කියා එකතු කළ මුදල් ඒ මහතාගේ පෞද්ගලික බැංකු ගිණුමේ පවතිනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button