BREAKING NEWSEXCLUSIVE

නාගානන්ද මිලියන 500ක විදේශ විනිමය ගෙනත්

ජනපතිවරණයට ඉදිරිපත් වනවා යැයි කියමින් මුදල් ආධාර එකතු කළ නාගානන්ද කොඩිතුවක්කු මෙරටට විශාල වශයෙන් විදෙස් විනිමය ගෙනවිත් තිබෙන බව වාර්තා වේ.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වනවා යැයි පොරොන්දු වෙමින් විදෙස් රටවල සංචාරය කළ නාගානන්ද මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සදහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ආධාර ඉල්ලා සිටියා.

එහිදී ඔහු ජනාධිපති වෙතැයි බලාපොරොත්තු වූ බොහෝ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මෙරට පෞද්ගලික ගිණුමට විශාල වශයෙන් මුදල් තැන්පත් කර තිබේ.

ඒ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමෙරිකාව, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ජපානය වැනි රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් විසිනි. ඔවුන් විසින් නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික ගිණුමට තැන්පත් කළ මුලු මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 500 ඉක්මවන බව වාර්තා වේ. කෙසේ වෙතත් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ ඔහුගේ ගිණුමට බැර වූයේ රුපියල් මිලියන 11ක් පමණක් බවය.

කෙසේ වෙතත් මේ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙරටට විශාල විදේශ විනිමය ගෙනවිත් තිබෙනා අතර ඔහු මෙරටට විදේශ විනිමය ගෙනවිත් ආර්ථිකය සවිමත් කළ සාර්ථක ව්‍යවසායකයෙක් බවද සාමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහට ලක්ව තිබුණා.

සාර්ථක ව්‍යවසායකයන් යනු ඕනෑම ව්‍යාපාර අවස්තාවක් හදුනාගෙන එමගින් උපරිම ප්‍රතිලාභ ලබන්නන්ය. ඒ අනුව දේශපාලන විකල්ප රැල්ලෙන් උපරිම ඵල නෙලාගත් නාගානන්ද කොඩිතුවක්කු මහතා සාර්ථක ව්‍යවසායකයෙක් යැයි කිව හැක.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button