BREAKING NEWSINTERNATIONAL NEWS

ආසාදනය වූ විට හුස්ම ගන්න බැරිවෙන, චීනයේ අභිරහස් වෛරසය – මේ මිනිස් වර්ගයාගේ අවසානයද?

චීනයේ පැතිර යන අභිරහස් වෛරසය දකුණු කොරියාවට, ජපානයට සහ  තායිලන්තයට පැතිර ගොස් තිබෙනවා. චීනයේ නගර 2 කින් මෙම වෛරසය ආසාධිත පුද්ගලයන් හමුවී ඇති බව සඳහන්.

චීනයේ බෙයිජිං හා ෂෙන්ස් හෙන් ප්‍රාන්තවලින් දින 2 ක් තුළ වෛරසය ආසාධිත වූ පුද්ගලයන් 139 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 200 දෙනෙකු බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. වෛරසයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා. මෙය කෙසේ පැතිරෙන්නේ ද යන්න පිලිබඳ තවමත් සොයා ගැනීමට නොහැකි බවයි චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. දකුණු කොරියාවේ වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා අද දිනයේදී වාර්තා වුණා. තායිලන්තයෙන් දෙදෙනෙකු‍ට හා ජපානයේ එක් අයෙකුට  වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. දෙදහස වසරේ ආසියාවේ රටවල් රැසක පැතිර ගිය සාර්ස් වෛරසයට මෙම වෛරසය බොහෝ සමානකම් දක්වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මෙම වෛරසය සතුන් මගින් බෝවන ඇති බවට සැක පළ කෙරෙනවා. අධික උණ, කැස්ස සහ ශ්වසන අපහසුතා මෙහි මූලික රෝග ලක්‍ෂණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button