BREAKING NEWSEXCLUSIVEPOLITICS

අන්තවාදීන් ඉවත් වී ශ්‍රී ලාංකිකයින් දේශපාලනයට – පොහොට්ටුවෙන් නුවරඑලියෙන් මුත්තයියා මුරලිදරන් මහමැතිවරණයට..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ගොඩ නැගිමට රැගෙන යන වැඩ පිලිවෙලට සහයෝගය දැක්විම පිණිස ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි තමන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට බලාපොරොත්තු වන බව( හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන  ) මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසිය.

මුත්තයියා ප්‍රභාකරන් මහතා මේ බැව් පැවසුවේ පසුගිය දා නොර්වුඩ් පොලිස් වසමට අයත් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක් ගිනි ගැනිමෙන් අවතැන් වුවන් සදහා නිවසට අවශ්‍යය උපකරණ ලබාදිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුත්තයියා ප්‍රභාකරන් මහතා කියා සිටියේ තම පියා මස්කෙලිය ප්‍රදේශයේ උපන් අයෙකු බවත්, වතුකරයේ ජනතාවගේ දුක හොදින් අදුනන අයෙකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක් වි වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහල නැංවිමේ අපෙක්ෂාවෙන් තමන් එලඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට අපෙක්ෂා කරන බවය.

එ සදහා මේ වන විටත් වතුකරයේ ස්ථාන කිහිපයකම පොකුරු රැස්විම් පැවැත්වු බවත් මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button