ඇමති පාඨලී චම්පිකගේ මෙගා පොලිස් ව්‍යාපෘතියෙන් කුණු පිරවූ මුතුරාජවෙල රක්ෂිතය ගිණි ගනි

කටුනායාක – කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයද පැය 08 කට අධික කාලයක් නතර කරමින් ඊයේ (20) දින මුතුරාජවෙල අභය භුමියේ පිහිටි කසල කන්දක ගින්නක් ඇතිවූවා.
මුතුරාජවෙල අභය භූමියේ උතුරු මායිමේ මීගමු කලපුවට යාබදව සියලු කඩොලාන ශාකයන් විනාශ කර දමමින් සීදුව මහ නගර සභාව විසින් ප්‍රදේශයට එකතුවන කසල එම ස්ථානයට බැහැර කරන බවයි පරිසරවේදීන් සඳහන් කර සිටින්නේ.
මෙම කඩොලාන ශාඛ පද්ධතියට එක් කරන කසල වලින් ගලායන ශ්‍රාවයන් මීගමුව කලපුවට සෘජුව බැහැරවීම නිසා එම පරිසර කලාපය විනාශ වෙමින් යන බවත් මෙලෙස කසල බැහැර කිරීම අත්හිටුවන්නැයි දන්වා අවස්ථා ගණනාවකදී බලධාරීන්ට දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මුතුරාජවෙල පරිසර කලාපයට කුණු ගෙනිහින් දැම්මේ පාඨලී චම්පික. ඒ ප්‍රදේශවාසීන්ගේ, පරිසර සංවිධාන වල දැඩි විරෝධය මැද, බලහත්කාරයෙන්..
මේ පිළිබඳව පසුගිය සමයේ වාර්තා වූ පුවත්පත් වාර්තා