BREAKING NEWSEXCLUSIVE

ජනපතිගේ ඉල්ලීමෙන් මුරලි නුවරඑළියේ දේශපාලනය අරඹයි – සාම්ප්‍රදායික දේශපාලකයන් නොසතුටින්

වියත්මග ආරම්භක සාමාජිකයෙකු මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් බිහිවූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මුත්තයියා මුරලිදරන් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇරයුමක් අනුව නුවරඑලිය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ඔහු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් ඇතැයිද සඳහන්.

ඉදිරි මැතිවරණය සඳහා ඔහු ඉදිරිපත් නොවන්නේ නම් ඔහුගේ සොයුරා ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයිද සදහන්ය. පසුගිය සමයේ මුරලිදරන් වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලුව වෙනුවෙන් සෘජුව පෙනිසිටියේය.

කෙසේ නමුත් මුරලිදරන් මැතිවරණ කටයුතු වලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ සාම්ප්‍රදායික දමිළ දේශපාලඥයන් දැඩි අකමැත්තෙන් පසුවන බවද වාර්තා වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button