අගමැතිවරයාගේ ජන්ම දිනය සැමරපු හැටි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ කිරි අම්මාවරුන්ගේ දානමය පින්කමක් අද දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කර තිබුණා.
වාර්ෂිකව පවත්වන්නට යෙදෙන මෙම කිරි අම්මාවරුන්ගේ දානය මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටයි.
එහිදී ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ආශීර්වාද ලබා ගත්අ අතර නතුරුව ඉන්දු පෙරේරා මෑණියන් ඇතුළු කිරි අම්මාවරුන් උදෙසා කිරි අම්මා දානය පූජා කිරීම සඳහා සිදුවිය.
කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසු ගැබිනි මවුවරුන් සිය දෙනෙකු සඳහා වියළි ආහාර මලු ප්රදානය කිරීම ද සිදුවිය.
මෙහිදී ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී අනුශාසනාවක්ද පවත්වා තිබෙනවා.
මෙහි දී කූඩු කර සිටි පක්ෂීන් කිහිප දෙනෙක් ද නිදහස් කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, අමාත්‍යවරු වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ ති තන් ටෘක් සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.