GOSSIP NEWSVIRAL NEWS

අහිමි වූ වැටුප දිනාගන්න මන්ත්‍රීවරුන්ගෙන් උපක්‍රමයක් – වසර හතරින් විශ්‍රාම වැටුප ඉල්ලයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාමික වැටුප් හිමිකම් ලැබීමේ සේවා කාලය වසර පහක් විය යුතු වුවද එය වසර හතර දක්වා අඩු කරන ලෙස මන්තී‍්‍රවරු පිරිසක් කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හයේ සිට පහ දක්වා අඩුවීම හේතුවෙන් විශ‍්‍රාම වැටුප හිමි විය යුතු කාලයද වසර පහේ සිට වසර හතර දක්වා අඩු විය යුතු බවට මෙම මන්ත‍්‍රීවරුන් පිරිසේ යෝජනාව වී තිබේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් නැවතී තිබේ.

වත්මන් පාර්ලිමේන්තුව මාර්තු 02 දා විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ‍්‍රාම වැටුප අහිමි වේ.

ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු 35 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 20ක්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 06ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ද සිටින බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයකු පැවසීය.

මීට අමතරව පසුගියදා ඉල්ලා අස්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්නට ද විශ‍්‍රාම වැටුප අහිමි වේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුට විශ‍්‍රාම වැටුප වශයෙන් හිමිවනුයේ සිය වැටුප මෙන් තුනෙන් එකක ප‍්‍රමාණයකි. ඒ අනුව වත්මන් මන්තී‍්‍රවරයකුගේ දීමනා හැර වැටුප වනුයේ රුපියල් 54000 ක මුදලකි.

කෙසේ වෙතත් වත්මන් කථානායක කරු ජයසූරිය මැදිහත් වී මන්ත්‍රී විශ‍්‍රාමික මන්තී‍්‍ර දීමනාව රුපියල් 25000කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව වැටුපෙන් තුනෙන් එකක් වන රුපියල් 18000 ක් සහ 25000 ක් එකතුව රුපියල් 43000ක මුදලක් විශ‍්‍රාම වැටුප ලෙස මන්තී‍්‍රවරයකුට හිමිවනු ඇත.

ඒ අනුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 ක් සඳහා මාසිකව රුපියල් විසිහය ලක්ෂ හැටහය දහසක මුදලක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button