EXCLUSIVEVIRAL NEWS

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ටික් ටොක් ලෝචිට හසුනක් යවයි – ඕනෑම උදව්වක් කරන්නත් ලෑස්තියිලු!

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් TikTok සහ සමාජ ජලා මගින් ජනප්‍රියත්වයට පත්වූ ලෝචනා ජයකොඩි හට පාර්ලිමේන්තු මන්ත්‍රී ලිපි ශීර්ෂයෙන් ලිපියක් යොමුකර තිබේ.

ළහිරු මුදලිගේ සමඟ ඔහුගේ යූටියුබ් නාලිකාවේ ලෝචනා විසින් සිදුකළ සංවාදය තමන් නැරඹූ බවත් එය දැකීමෙන් තමන් ඉතාමත් සංවේදී වූ බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

එසේම, ලෝචනා ජයකොඩි ගත කළ දුක් කම්කටොළු සහිත ජීවිතය තමන්ගේ ජීවිතයටද සමීප බවත් ‍රටේ තරුණ පරපුර දිරිමත් කිරීමට ලෝචනා හට විශාල කාර්‍යභාරයක් ඉටුකළ හැකි බවත් ලිපිය මගින් පවසා ඇති ඒ මහතා, එහි වැඩි දුරටත් පවසා සිටින්නේ තමන් ලෝචනා හට ඕනෑම උදව්වක් කිරීමට සූදානමෙන් පසුවන බවයි.

තමන්ගෙන් උපකාර ඉල්ලීමට කිසිඳු විටෙක පසුබට නොවන ලෙසත් සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ටික් ටොක් නිළියට පවසා තිබීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button