BREAKING NEWSEXCLUSIVE

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ඉල්ලා අස්වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත බැවින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

කෙසේ වෙතත්, ඔහුගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට කවුරුන් නම් කරයි ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දැරූ රවිනාථ ආර්යසිංහ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එය පුරප්පාඩු වී පැවතිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button