GOSSIP NEWSVIRAL NEWS
තමන්ගේම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තීයේ යෙදවූ මවක් අත්අඩංගුවට

සිය දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්රදේශයේ පදිංචි මව විසින් අවුරුදු 29 හැවිරිදි එක් දරු දියණිය සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
24 හැවිරිදි දියණිය ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂන වලදි අනාවරණය වි තිබෙනවා.