BREAKING NEWSEXCLUSIVE

මහවැස්සට කුඹුරු අක්කර දහස් ගනනකට බලපෑම්. පානීය ජල ගැටලුවකුත් මතුවේ.

මේ දින කිහිපය තුල පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හතරක කුඹුරු අක්කර පන්සියකට පමණ දැඩි බලපෑම් සිදුව තිබෙනවා.මෙලෙසම, රට වටා කුඹුරු අක්කර දහස් ගනනකට බලපෑම් ඇතිවී ඇති බව බොහෝ ප්‍රදේශවල සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කලා.

පෙරේදා සවස සිට පැය ගනනාවක් එක දිගටම ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් මාතර අකුරැස්ස වැලිගම , වැලිපිටිය, ඇතුළු  ප්‍රදේශ රැසකට  ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. මෙහිදී විශේෂයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජඹුරෙගොඩ , නැගෙනහිර , බටහිර , බොරාල , පලල්ල, ඇතුළු  ප්‍රදේශ ගණනාවක කුඹුරු වලට  දැඩි ලෙස හානි දායක තත්ත්වයක්  ඇතිවී තිබෙනවා.

මේ අතරම බොහෝ ප්‍රදේශවල බීමට ගන්නා ළිං ජලය අපවිත්‍ර වීම හේතුවෙන්ද  පානීය ජල ගැටලුවක් ද මෙවන විට ඇතිවී තිබෙන බවටද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button