ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 50%ටත් වැඩියෙන් කොරෝනා…

අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් 24 දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට 29 දින ලද පි.සි.ආර් වාර්තාව අනුව තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button