BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස මිලියන 3 ඉක්මවයි

ඊයේ (17) දිනය තුළ මෙරට පුද්ගලයින් 57,375 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පැවසන්නේ කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 11,349 දෙනෙකු ඒ අතර වන බවයි.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 43,040 දෙනෙකු, ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 2,875 දෙනෙකු සහ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 107 දෙනෙකු ද ඒ අතර වන බව සඳහන්.

ඒ අනුව කොවිඩ් මර්දනය සඳහා වන පළමුන් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයින් 2,391,683 දෙනෙකු සඳහා ලබා දී තිබෙනවා.

එමෙන්ම එහි දෙවන මාත්‍රාව මේ වන විට පුද්ගලයින් 748,573 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 3,140,256 දෙනෙකු සඳහා කොවිඩ් මර්දනය සඳහා වන එක් මාත්‍රාව හෝ ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button