හිස් ජල බෝතලයට සතොසෙන් සල්ලි

පරිසර හිතකාමී ජල බෝතල් ව්‍යාපෘතියක් සතොස හරහා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සතොස පානීය ජල බෝතලයක් මිල දී ගෙන පානය කර අවසන් වී නැවත සතොසට භාර දුන් විට රුපියල් 10 ක මුදලක් පාරිභෝගිකයාට ගෙවීමක් සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා..
ඒ අනුව පානීය ජල බෝතල් රාජ්‍ය,සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිල දී ගැනීමේ දී සුවිශේෂී රාජ්‍ය වියදම් අවම කිරීමට ද වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර කළා..
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“මේ පානීය ජල බෝතලයක් එස්.එල්.එස්.ලාංඡන සහිත රුපියල් තිස්පහයි සිල්ලර මිල.. එහි දී රජයේ ආයතනයක් තොග වශයෙන් මිල දී ගැනීමේ දී අපි ලබා දෙනවා වට්ටමක් සියයට 7.22 ක් රුපියල් හයක්..
එවිට ජල බෝතලය රුපියල් නමයයි..
ආපසු භාර දුන් විට දෙනවා රුපියල් දහයක්..
ජල බෝතලයක් සඳහා රජය වියදම් කළ යුත්තේ ශුද්ධ වශයෙන් රුපියල් 19..
ඒ නිසා රාජ්‍ය ආයතන සියල්ලගෙන් අපි කාරුණික ආයාචනයක් කරනවා පරිසරයට මෙම බෝතල් මුදා හැරීමෙන් සිදුවන මහා ව්‍යසනය වැළැක්වීමට රුපියල් දහ නවයක් අවසානයේ දැරීමට සිදුවන සතොස පානීය ජල බෝතල් මිල දී ගන්නා ලෙස..