BREAKING NEWSEXCLUSIVE

ජංගම එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් පරිදී ජංගම එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වුණා.

විවිධ රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නා.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග පැවති සාකච්ඡාවකදීයි ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

විවිධ රෝගාබාධ හේතුවෙන් නිවෙස්වලින් බැහැර යා නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතිනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරික්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකතන අංක ඔස්සේ තොරතුරු ගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ඇරඹිය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ.

මේ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ජංගම එන්නත්කරණ වැඩසටහන අද ක්‍රියාත්මක කළේ ගුවන් හමුදාවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහාය ඇතිවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button