BREAKING NEWSEXCLUSIVE

යාල වනෝද්‍යානයේ අලි ඇතුන්‌ගෙන් සිදුවන ප්‍රහාර වැළැක්වීමට ජංගම මුර සේවයක්!

යාල ජාතික වනෝද්‍යානයේ ඇතුන්, සංචාරකයින් රැගත් වාහනවලට පහරදීම වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් රැගත් ජංගම මුර සංචාර වාහන 02 ක් යොදවා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ සඳහන කළේ, මද කීපිම හේතුවෙන් ගැමුණු හා නන්දිමිත්‍ර ඇතුන් දෙදෙනා සංචාරකයින් රැගත් වාහනවලට මේ දිනවල පහර දී ඇති බවය.

පසුගිය සිකුරාදා දිනයේ ඇතුන් දෙදෙනා දේශිය සංචාරකයින් රැගත් වාහන දෙකකට පහර දී තිබේ.

ඊට අමතරව සංචාරකයින් රැගත් තවත් වාහනයකට ද ඇතකු පහර දුන් බව වාර්තා විය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සංචාරකයින් රැගත් වාහනවල රියැදුරන් දැනුවත් කර ඇති බව ද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button