“අපි පැරදුනා, දැන් යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොවේවි” ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වීම ගැන ශිවාජිලිංගම් කණගාටුවෙන්

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ ජිනීවා යෝජනාවලියෙන් වත්මන් රජය ඉවත් වීම නිසා මින්පසු ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ කිසිඳු ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්නොවෙනු ඇති බව දෙමළ ජාතික සංධාන මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් පවසනවා.
එය තමන් ඇතුලු දෙමළ සංධානය ලැබූ විශාල පරාජයක් බවත් ඔහු පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ නව රජයේ මෙම හිතුවක්කාරී තීරණය හේතුවෙන් යුද අපාරාධ සම්බන්ධයෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර මට්ටමේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව මාධ්‍ය අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙලෙසින් ප්‍රකාශ කළා.
යාපනයේ මාධ්‍ය සමාජ ශාලාවේදී මාධ්‍යවේදීන් ඇමතූ ශිවාජිලිංගම් මහතා කියා සිටියේ ලෝකයේ සෙසු රටවල්ද ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බව කියා සිටියත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිදු පරීක්ෂණයක් නොපවත්වන බව ඉතා පැහැදිලි බවයි.
ජිනීවා මානව හිමිකම් කමිටුව විසින් ශ්‍රී ලංකාවට කොතෙක් අවවාද කරණු ලැබූවත් කොතරම් ප්‍රකාශ නිකුත් කළත් මේ සම්බන්ධයෙන් මීට වඩා අඟලක් හෝ ඉදිරියට කටයුතු නොකරණ බවත් සදහන් කළා.
එය තමන් 2015දී ලැබූ ජයග්‍රහණය ආපසූ හැරවීමක් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.