BREAKING NEWSEXCLUSIVE

ප‍්‍රවේශම් වන්න – දුරකථනයේ ශේෂය ගසා කන Missed Call වංචාවක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබෙනා සිදුවීම් පිළිබඳව මේ දිනවල වාර්තා වේ.

මේ පිළිබඳව Lanka Mag වෙතටද තොරතුරු ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බව සඳහන්.

මෙහි පවතින වංචාව වන්නේ මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට යාමේදි ශ්‍රී ලාංකිකයන්ගේ දුරකථන ශේෂය සම්පූර්ණයෙන්ම කැපී යාමයි.

මෙම ජාවාරම මින්පෙර වෙනත් රටවලද සිදුව තිබෙනා අතර මෙවැනි සිදුවීම් මින්පෙරද ශ්‍රී ලංකාවෙන් වාර්තා වූවා. මේ පිළිබඳව අප ශ්‍රී ලංකා CERT ආයතනයෙන් විමසීමක් කළා.

ඔවුන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේ නාදුනන සැකසහිත විදෙස් දුරකථන ඇමතුම් වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button