BREAKING NEWSEXCLUSIVE
මිරිහාන සිද්දිය සම්බන්ධ විමර්ශන සදහා විශේෂ කණ්ඩායම් 3ක්

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් 3ක් වෙත භාරදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා සිටියා..
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා,
“මේ විමර්ශන කණ්ඩායම් තුනක් විසින් සිදුකරනවා. ඒ තමයි කොළඹ අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය.”
“සාමාන්‍ය නීතිය යටතේ තමයි ඒ අයට එරෙහිව කටයුතු කරන්නේ.”
“මාධ්‍යවේදීන්ට මේවා වාර්තා කරන්න තහනම් කරන්න බෑ. ඒක ජනතාවගේ අයිතියක්. මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙනුත් පරීක්ෂණ කරනවා.”