BREAKING NEWSEXCLUSIVE

මින්නේරියේ වනජීවී- හමුදා ප්‍රශ්නය දුරදිග යයි. වනජීවිය වර්ජනයකට..

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම මත ලබන මස දෙවනදා දිවයින පුරා සියලු සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට  වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සදහන් කොට තිබුණේ නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවමී හේතු කොටගෙන මෙම සංකේත වැඩවර්ජනය පවත්වන බවයි.

පසුගිය ඉරිදා දිනයේදී මින්නේරිය වන උද්‍යානය තුළදී රාජකාරිය කරමින් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් සමග හමුදා නිලධාරියකු බහින්බස් වීමක් ඇති කරගෙන තිබූ අතර පසුව ඒ පිළිබද හබරණ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button