BREAKING NEWSEXCLUSIVE
අවුරුද්දක් වැටුප් නොගැනීමට ඇමතිවරු එකඟවෙයි…

වසරක කාලයක් සඳහා ඇමති වැටුප් නොලබා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් එකග වී තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමිවූ බවයි කැබිනට් තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.
රටේ පවතින ආර්ථික ගැටළු නිසා ජනතාව පත්ව තිබෙන තත්ත්වය සමග අමාත්‍යවරුන් ද සිය අමාත්‍ය වැටුප් නොලබා කටයුතු කිරිමට තීරණය කළ බව ඔහු කියාසිටියා.