BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාස්කු විමර්ශන සෙමෙන් සිදුවීම සම්බන්ධයෙන් කාටවත් ඇගිල්ල දිගු කරන්න බැහැ. – අමාත්‍ය සරත් වීරසේකර

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ,

පොලීසිය මඟින් සිදුකිරීමට තියෙන රාජකාරී කරලා ඉවරයි. මේ සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කරලා දැන් නීතිපතිතුමා ට භාරදීලා තියෙනවා. දැනටමත් මහාධිකරණ 5ක නඩු 9ක් ක්‍රියාත්මක වෙනවා සහ මේකට සැලසුම් හදපු භයානකම ත්‍රස්තවාදියෝ 24 දෙනෙකුට එරෙහිව දැනටමත් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් මඟින් විනිසුරු මඩුල්ලක් පත්කරලා දිනපතා නඩු අහන ක්‍රමයක් හදලා තියෙනවා. ඒ නිසා කාටවත් රජයටවත්, පොලීසියටත් දොස් පවරන්න බෑ පරීක්ෂණ කටයුතු යටගහනවා කියලා. 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල කරපු ශේක් මොහොමඩ් කියන කෙනාට නඩු පැවරුවේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ. නඩු පැවරීම සහ ක්‍රියාමාර්ග ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්. පොලීසිය භාර ඇමතිවරයා විදියට අපි කරන්න තියෙන සියල්ල කරලා නීතිපතිවරයාට භාරදීලා තියෙන්නේ. දැන් නීතිපතිවරයා අතේ තමයි නඩු පැවරීමේ කටයුතු තියෙන්නේ.” යනුවෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button