BREAKING NEWSEXCLUSIVEPOLITICS

මුදල් වලට ආත්මය පාවා දෙන්න එපා, සද බබලනවා බල්ලො බුරනවා – පියුමි ගැන චෝදනාවලට ඇමති වීරසේකරගෙන් තද පිළිතුරක්..

සංචරණය නීති නොතකා කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයට එක්වීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු පිරිස රැගෙන ගිය බස් රථය නැවත හැරවූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා

පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අදාළ පිරිස නිරෝධායනය සඳහා පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යන අතරතුර නීතිඥවරයෙක් තමාට දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.

මේ පිළිබඳ වැඩිදුරත් අදහස් දැක්වු අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා,

“නීතිඥ මහත්මයෙක් මට දුරකථනයෙන් කතා කරලා, ඔහුගේ සේවා දායකයින් පොලිස් රථයකින් පස්සරට ගෙන යන බවත්, ඔවුන් සතුව ඇත්තේ තමන් ඇඳ සිටින ඇඳුම් පමණක් බවත් දින 14ක් නිරෝධායනයට ගෙන යන්නේ නම් තමන්ගේ බඩු භාහිරාදිය ගෙන යෑමට ඉඩ නොදීම අසාධාරණ බවත් පැවසීය. ඉන්පසු බස්රථයේ සිටි දෙදෙනෙක් ද මට එසේම පැවසීය. එවිට මා එම රථය භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසු විට ඔහුද එය සත්‍යයක් බව පැවසුවා. පසුව බසය මදකට නතර කරන ලෙස පවසා, පොලිස්පතිට හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මේ බව දන්වා නිසි කටයුතු කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව පොලිස්පතිතුමා බස් රථය තලංගම පොලීසියට යවා පිරිස බස් රථයේ සිටිය දීම ඔවුන්ගේ ඥාතීන්ට කියා බඩුභාහිරාදිය ලබාදී නැවත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබුණා.“ යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ තමා කිසිවෙක්ට කිසිවිටෙකත් බස්රථය හරවා යැවීමට හෝ නිරෝධායනය සම්බන්ධයෙන් උපදෙස් ලබානොදුන් බවය.

එම සම්පූර්ණ කතාව –

https://youtu.be/tLlERUKnSlo

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button