BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශාක පෝෂක රසායනික පොහොර ගෙන්වන්න තීන්දු කර නැහැ. – ඇමැති මහින්දානන්ද

වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

ජනතාවගේ සුබ සිද්ධිය තකා ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනේ ආපසු හැරවීමක් ගැන මේ වන තෙක් රජය කිසිඳු ප්‍රතිපත්ති තීන්දුවක් ගෙන නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍යංශ ‌ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර සිටියේ රසායනික පොහොර ආනයනයට අවසර දුන් බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button