BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඇමති බිල්ලටදී අනෙක් අය අත සෝදාගන්න හදනවා – සාගරගේ නිවේදනයට සජිත්ගේත් අප්‍රසාදය

තෙල් වැඩි කිරීම සම්බන්ධ වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල් මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබෙන බවත්. එයින් ඔහු පවසන්නේ තෙල් මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්, ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය. රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබෙන අතර එය, පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලූ මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලූ රැසක්ම හදාගෙන තිබේ යනුවෙන්. එමෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබෙන බව ඔහුගේ ලිපියේ සදහන් වනවා.

වැඩි දුරටත් ඔහු පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුනේ ලේකම් වරයාගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button