BREAKING NEWSEXCLUSIVE
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වෙයි, පුරප්පාඩුවට ජයන්ත කැටගොඩ

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජයන්ත කැටගොඩ පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතාට භාර දී තිබෙනවා.
ඒ අනුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවත පත්වනු ඇති.
ඔහුට අපගේ සුභපැතුම්. !