BREAKING NEWSEXCLUSIVE

විදුලිබල මණ්ඩලයේ අවිධිමත් ක්‍රියා නිසා සෞඛ්‍ය ඇමති නීති මගට..

තමා පදිංචි ව සිටි නිවසට අසාමාන්‍ය සහ අවිධිමත් විදුලි බිල්පත් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අදාළ විදුලි බිල්පත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

ඒ අනුව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් පළ කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවයි.

අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදුකළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්ත්වය උද්ගත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පදිංචි ව සිටි කොළඹ 07,සරණ පාරේ පිහිටි නිවසේ දී මෙම තත්ත්වය ඇති වී තිබුණි.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මස දී බවත් ඒ සමයේ දී විදුලි බිල රු. 25,000 ත් 30,000 ත් වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීන ව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.
ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 330,000, 55,000, 75,000, 90,000 වැනි ගාස්තු වලින් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර තිබුණේ එහි පෙර සිටි තැනැත්තාගේ නමට බව ද ඇමතිවරයා කියා සිටියා.

ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකක දී මෙම අසාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තමන් ලිඛිතවත්,අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබා දී සඳහන් කළ බවත් නමුත් කිසිදු යහපත්ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියා.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලිබල ඉල්ලා සිටි අවස්ථාවේ දී තමාට ලක්ෂ 70 ක බිල්පතක් එවා ඇත්තේ ද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා සඳහන් කර සිටියා.
ජනවාරි මාසයේ දී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට රිසිට් පත නිකුත් කර ඇත්තේ ද තමන්ට පෙර නිවසේ පදිංචි ව සිටි පුද්ගලයාගේ නමට බව අමාත්‍යවරයා පැවසුවා.

මේ වන විට මෙම කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාර දී ඇති බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button