BREAKING NEWSPOLITICS

ක්‍රිකට් ගැන ඇමති නාමල් කතා කරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී තලයකට ගෙන ඒම සඳහා සකස් කළ සැලසුම් මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.අමාත්‍යවරයා පැවසුවේ ජාතික තලයට පැමිණීමට සිටින නවක ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් ද නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.ක්‍රිකට් සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොතිබූ බවත්, මේවනවිට එම වැඩපිළිවෙළ සකස් කර ඇති බවත්, අමාත්‍යවරයා සඳහන් කළා.

පත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් කිරීමට නියමිත බව නෙත් නිවුස් අද උදෑසන 06 යි 25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළා.

ඒ අනුව ඉන්දියාවට එරෙහි එක්දින සහ 20 යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button