BREAKING NEWSEXCLUSIVEPOLITICS

හිටං හුටංලා කොරපු හැටි අමතකද? ඡන්දෙකට යන්නේ අවුරුදු තුනකින්..! – ඇමති මහින්දානන්ද

ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනතාවට ලබාදුන් සියලුම පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ උත්සව අවස්ථාව අමතමින්,

“සජිත් ප්‍රේමදාස ගොයියා, අම්මටසිරි කතාව බලන්නකො. පොලොන්නරුවෙ ගිහිල්ලා කියනවා ‘මම රසායනික පොහොර දෙනවා’ කියලා. කාපං වහ ! අපිත් රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තියෙනවා.

අද සජබෙ නායකයො හය දෙනයි. චම්පික රණවකත් නායකයා ලු, රාජිතත් නායකයා ලු, සජිතුත් නායකයා ලු. දැන් සිරිසේන මහත්තයාටත් මේ දවස්වල චූන් එකක් හැදිලා දැන් මෛත්‍රීපාල ගොයියාත් නායකයෙක් වෙලා. මේ හිටං හුටංලා හිතන් ඉන්නෙ අපට මේගොල්ලො අමතක වෙලා කියලා. එහෙම නේද හිටං ? ඒගොල්ලො හිතන් ඉන්නෙ අපිට අමතකයි කියලා හිටං. අපට හිටං හුටං කොරපු හැටි හොඳට මතකයි.

තමුන්නාන්සෙලා අබමල් රේණුවක සැකයක් හිතන්න අවශ්‍ය නෑ. අපි ඡන්දෙට යන්නෙ අවුරුදු තුනකින්. රට අවුරුදු පහකට භාරගත්තත් අපි අවුරුදු දෙකක් මේ කොවිඩ් එකත් එක්ක හිරවුණා අම්මේ තාත්තේ. ඒ නිසා සෞභාග්‍යයේ දැක්මෙන් අපි ඔබට යම්කිසි පොරොන්දුවක් වුණා නම් පහුගිය අවුරුදු දෙකේ අපට ඒක කරන්න බැරිවුණා නම් ඉදිරි වසර තුන ඇතුළේ තමුන්නාන්සෙලාට දීපු ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවායි කියන සහතිකය අපි ලබාදෙනවා”

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button