ඇමති මහින්දානන්ද ජනතාවගෙන් සමාව අයදියි..!

රටේ ජනතාව මේ වනවිට දැවැන්ත පීඩනයක සිටි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
වත්මන් අර්බුදය ආණ්ඩුව නිර්මාණය කළ අර්බුදයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගතයුතු බව සදහන් කරන ඔහු පෙන්වා දෙන්නේ,ජනතාවද මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතු බවත්, බඩට නොව රටට ලැබෙන දේ පිළිබඳව කල්පනා කළයුතු බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ ජනතාව අතට හා බඩට ලැබෙන දේ පිළිබඳව පමණක් කල්පනා කරන බවයි.
ආණ්ඩුවට බැනීමට හෝ, ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීමට හෝ ජීවිතය ඉතිරි වී තිබෙන්නේ ආණ්ඩුව විසින් ලබාදුන් එන්නත් නිසා බවත් පවතින ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර අර්බුදය ඇතුළු සියලු අර්බුද ඉතා ඉක්මනින් විසඳන බවත් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආණ්ඩුව සතු බවත් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.