BREAKING NEWSEXCLUSIVE

“හදිසි අවස්තාවකට සරිලන ආහාර, ඉන්ධන තොග ගබඩා කරලා තියෙන්නේ, අනිසි බියක් එපා” රජයෙන් ප්‍රකාශයක්!

හදිසි අවස්තාවක් එලබේ යැයි බියෙන් මෙරට ජනතාව ආහාර හා ඉන්ධන තොග රැස් කිරීමට අවශ්‍ය නොවන බවත්, ඕනෑම හදිසි අවස්තාවකදී සමස්ත ශ්‍රී ලංකාවට දින 45කට – 90කට අවශ්‍ය සියලූම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තොග ගබඩා කරගෙන අවසන් බව රජය පවසනවා.

හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පවසමින් ප්‍රකාශ කළේ හදිසි අවස්තාවකදී ගත යුතු ක්‍රියාමාර්ග වලට දැනටමත් සියලූම පියවර ගෙන සැලසුම් සාදා අවසන් බවත් මෙරට මහජනතාවට කිසිඳු බියක් ඇති කර ගත යුතු නැති බවයි.

“රජයක් වශයෙන් අපි දැනටමත් විය හැකි නරකම අවස්තාවට පවා සැලසුම් සකස් කර සුදානම් වෙලයි ඉන්නේ. ඒ නිසා මහජනතාව කිසිඳු බියක් ඇති කර ගත යුතු නැහැ.

ඕනෑම අවස්තාවකදි අවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන ආදි සියලූම පාරිභෝගික භාණ්ඩ අඛණ්ඩව නොකඩවා කිසිඳු හිගයකින් තොරව සපයන්න අප සුදානම්,

රජයක් වශයෙන් ශ්‍රී ලංකාව ලොව වෙනත් රටවලට වඩා වේගයෙන් මෙම වසංගතය හමුවේ තීරණය කර ක්‍රියා කරනවා. මෙම තත්ත්වය අවම කර ගැනීමට අපට හැකි වූයේ එම නිසයි, ඉදිරියේදීත් අප එලෙසම සිදු කරනවා, රජයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැවොම එක්වූ උපදෙස් වලට අනුගත වී ඔබ කටයුතු කිරීම පමණයි, ඉතිරි සියලූම වගකීම් අප ලබා ගන්නවා.” යනුවෙන්ද හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button