BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

දැන්වත් අනවශ්‍ය භාන්ඩ ආනයනයට දැඩි සීමා පැනවිය යුතුයි. – අමාත්‍ය ගම්මන්පිල

මෙරටට අනවශ්‍ය භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් ආනයනය කෙරෙන බවත් ඒවාට දැන්වත් සීමා පැනවිය යුතු බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කලා,

“උදෑසනම අවදි වුණ මොහොතේ ඉඳන් නින්දට යනකම් අපි මොනවද පාවිච්චි කරන්නේ. උදෑසනම අවදි වුණ ගමන්ම බොහෝ දෙනෙක් ගුවන්විදුලියේ පිරිත් දානවා. ගුවන් විදුලිය ජපන් නැත්තන් චීන. ඊළඟට වතුර එකක් ලිපේ තියනවා කේතලේ චීනෙන් නැත්තන් ඉන්දියාවෙන්. දත් මදින්න යනවා දත් බුරුසුව පිටරටින්. දත් බෙහෙත් ටික පිටරටින්. මුණේ ගාන සබන් කෑල්ල පිටරටින්. අඳින කමිසය පිටරටින්. අඳින කලිසම පිටරටින්. සපත්තුව, මේස් එක පිටරටින්. අපි මොනවද දවසකට අපේ කියලා පාවිච්චි කරන්නේ. දවස පුරා පාවිච්චි කරන දේ වලින් 95%ක්ම පිටරටන් ගෙනාපු ඒවා. ඉතින් දෙයියනේ පිටරටට ඩොලර් යනවා මිසක් එන ක්‍රමයක් අපි දන්නේ නෑනේ. අපි මේ මාසේ ජාතික නිදහස් දිනේ අභිමානයෙන් සැමරුවා. එහෙමනේ කිව්වේ. අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම. නිදහස් දිනේ ජාතික කොඩිය අර පොල්ලෙන් ඔසවනකොට අනේ දෙයියනේ කොඩියත් චීනගේ. ජාතික දිනයට කලින් පුංචි ජාතික කොඩි විකුණනවා ඔය ඔක්කෝම චීනයෙන් ගෙනාපුවා. නන්දා මාලිනීය පවන ගීත සමුච්චයේ තියනවා කොඩිය සුද්දගේ එත් කොඩි ගහ අපගේ කියලා. දැන් අපිට කියන්න වෙලා තියෙනවා කොඩිය චීනගේ එත් කොඩි ගහ අපගේ කියලා. අර පොඩි කොඩිය නං එකත් නෑ. ප්ලාස්ටික් කණුවක් තියෙන්නේ කොඩි ගහත් චීනේ. අද මේ අර්බුදය හමුවේ හඬා වැටෙනවා වෙනුවට නිර්මාණශීලිව හෙටදිනය දෙස බලමින් අපි අර්බුදයට එකතුව මුහුණ දුන්නොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. “

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button