BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

රට වැසීම ගැන රජය මුරණ්ඩු ස්ථාවරයක නැහැ – ඇමති ඩලස් කියයි

කුමක් සිදුවුවත් රට වසා නොදමන බවට වන මුරණ්ඩු ස්ථාවරයේ ආණ්ඩුව නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ රට වසා නොදැමීමට බලපෑ ඇති හේතු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හමුවේ අද දිනයේත් තවත් නගර කිහිපයක වෙළඳසැල් වසා දැමීමට වෙළඳ සංගම් තීරණය කළා.

ඒ අනුව ඉමදූව නගරයේ සියලුම වෙළඳසැල් හෙට සිට දින 14 ක කාලයක් වසා දැමීමටයි ඉමදූව වෙළඳ සංගමය තීරණය කළේ. හික්කඩුව නගර සභාවේ අද පැවති වෙළද සංගම් රැස්වීමේදී හික්කඩුව නගරයේ පිහිටි සියළුම වෙළදසැල් හා ව්‍යාපාරික ස්ථාන ලබන 20 වන දා සිට සතියක කාලයක් වසා දැමීමටයි තීරණය කළේ.

මේ අතර, රට වසා නොදැමීමට එරෙහිව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද රෝහල් 10ක නිහඬ විරෝධතා පැවැත්වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button